රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව අද (15 ) තහවුරුවූ බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
හික්කඩුව බද්දෙගම පාර නළාගස්දෙණිය පීල්ඩ් සිටි ලිපිනයේ පදිංචි රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි පී.එච්.ධර්මසිරි මහතා මෙසේ කොවිඩ්-19න් ආසාදනය වී ඇති බවද එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
මේ මන්ත්‍රීවරයාගේ භාර්යාව පාසල් යන දියණිය හා පුතා ඇතුළු පවුලේ අය මේ වනවිට ස්වයං නීරෝධායනයට ලක් කොට ඇති බවත් ඔවුන් සියලුදෙනාම පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවත් ඔහු කීවේය.
එමෙන්ම මේ මන්ත්‍රීවරයා අසුරු කල මහජන නියෝජිතයින් හා අනෙක් ආශ්‍රිතයින් සොයා ඔවුන් ස්වයං නීරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කීවේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත හා ගෝනපිනුවල දයා සිරිල් ධම්මික