සහල් හිගයක් රටේ නොමැති බවත් සහල් ඒකාධිකාරියක් ඇතිවීම නිසා ඇති වු තත්ත්වයක් රටේ නිර්මාණය වී ඇති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
මාතර දී අද (27දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ පැවසිය. එහිදි අදහස් පළකල ඒ මහතා මෙසේද පැවසිය.
‘‘අද අපේ රටේ සහල් හිඟයක් තියෙනවා කියලා අපි විස්වාස කරන්නෙ නැහැ. මොකද පසුගිය මහා කන්නයේ වුවමනා තරම් සාර්ථක අස්වැන්නක් ලැබිලා තියෙනවා. ඒ නිසා සහල් හිඟයකට හේතුවක් නැහැ. යම් යම් කණ්ඩායම් මේ වැඩපිළිවෙල පාලනය කිරිමට යෑම නිසා යම් යම් ප්‍රශ්න කිපයක් ඇති වෙලා තියෙනවා.
එයට රජය විදියට පාරිභෝගික අධිකාරිය ඉදිරිපත් වෙලා රජයේ තොග නිකුත් කරලා මේ මොහොත වෙනකොට යමි පාලනයකට නතු කරලා තියෙනවා.
මෙතනදි මම කාටවත් පුද්ගලිකව චෝදනා කරන්නෙ නැහැ නමුත් සහල් මෝල් හිමිකරුවන් හතර පස් දෙනෙක් මත තමයි මේ සහල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ඒ අය ක්‍රියාත්මක වෙන විදියට තමයි සහල් මිල හැසිරෙන්නේ’’ යැයි පැවසිය.