20 වැනි සංශෝධනයට අනුව රට සංවර්ධනයට අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය උඩුගම්පොළ හේමරතන නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍යයි. කරුණු ගැඹුරින් අධ්‍යයනය කරලා මේ ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. ජනතාව විසින් පත් කළ ජනාධිපතිවරයා ජනතාවට වගකිව යුතුයි. විශේෂයෙන්ම මේ වන විටත් පාසල්වල පවත්නා විෂමතා, විෂය මාලා නවීකරණය, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයන්හි ප්‍රගතිය සොයාබැලීමට, අඩුපාඩු හදුනාගැනීමට දිනවකවානු සැලසුම් කර තිබෙනවා.
විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ආයතන පහක් සම්බන්ධීකරණය කරලා එක් අමාත්‍යාංශයක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.