අවශ්‍යතාවය සහිත රටේ සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
මහනුවර පිහිටි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (29) පැවැති මධ්‍යම පළාත් කොරෝනා පාලන හා ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එන්නත් මිලදී ගැනීම සඳහා මුදල් නොමැති බවට ඇතමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ලොව රටවල් පනහකට පමණ කිසිදු එන්නතක් ලබා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක එන්නත් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් වන බව ද ලබන මස පළමු සතියේදී තවත් එන්නත් ලක්ෂ විස්සක් මෙරටට හිමිවන බව ද ඉන් කොටසක් මහනුවර දිස්ත්‍රික්කය සඳහා වෙන් වන බව ද සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රිකයේ එන්නත් කරන වැඩපිළිවෙල හෙට (31) ආරම්භ කරන බව කී අමාත්‍යවරයා, දිස්ත්‍රිකයේ වැඩම අවදානම් කලාප දෙකක් වන කුණ්ඩසාලේ සහ මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ සඳහා එහිදී ප්‍රමුඛස්ථානය ලබා දී ඇතැයි ද රටේ අවදානම් සහිත ප්‍රදේශ සඳහා මේ අයුරින් ප්‍රමුඛස්ථානය ලබා දෙන බව කී අමාත්‍යවරයා එන්නත් ගෙන්වා ගැනීමේ දී ශ්‍රී ලංකාව උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියාකරන බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්