ආණ්ඩුවේ වැරදි ක්‍රියා කලාපය නිසා රටේ සියලු ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන්නේ ඇමෙරිකාව හෝ යුරෝපයේ රටවල් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ නිසා රටේ තිබූ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම දියාරු වී ගොස් තිබෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් වැඩ නොකරන බවත්, ඔවුන් සිදුකරන්නේ විදේශ රටවලට අවශ්‍ය ආකාරයට බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේම රටට අවශ්‍ය වී තිබෙන්නේ පිටරටවලින් රූකඩ ලෙස නටවන ආණ්ඩුවක් නොවන බවත්, ජනතාවත් මේ පිළිබඳ තේරුම්ගත යුතු බවත්යාසිරි ජයසේකර මහතා පැවසීය.