Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙරට නායකත්වයට ඉදිරිපත් වන ලෙස තමන්ට ඉල්ලීම් කිහිපයක්ම ලැබී ඇති බවත්, මේ පිළිබඳ සිතා බලන බවත් ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවසූහ.
ප්‍රදීපා ලක්සෙවණ පදනම මගින් රුපියල් ලක්ෂ 120ක වියදමකින් ගම්පහ, රතුපස්වල ඉදිකරන ලද ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
" ඇත්ත වශයෙන්ම අද පවතින නායකයන් ගැන විශ්වාසයක් නොමැතිකම නිසාදෝ ජනතාව ගම්පිටින් බස්වලින් පැමිණ මට ඉල්ලීම් කරනව, නායකත්වයකට එන්නයි කියලා. විශේෂයෙන්ම දුප්පත් ජනතාව. නමුත් මේ දේශපාලනයට ඉදිරිපත් වෙලා කටයුතු කරනවාට වැඩිය අවංක ඍජු ගුණ සම්පත්තියෙන් යුත්, මේ සිවුරෙ සුවඳ හඳුනන අයෙකු සොයා ගැනීමට අපහසුයි.
මෙය ඇත්තයි. නමුත් අපි මේ දවස්වල ඒ සඳහා ඇපකැප වෙලා යනවා. ඒ සොයා ගත්තොත් දළදා වහන්සේ ළඟදී දණ ගහලා අපේ ඉල්ලීම් පහ ඉෂ්ට කරලා දෙනවයි කියල පොරොන්දු වෙනවා නම්, එසේ පොරොන්දු වන නායකයාට අපි උදවු කරනවා.
දැන් තිබෙන තත්ත්වය අනුව රටට මහමැතිවරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ රටට ආදරය කරනවා නම් එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ එක්සත් පෙරමුණත් සියලු පක්ෂ එක්ව ලේ කඳුළු හලා තිබෙන මේ අපේ රට වෙනුවෙන් ඒ තීරණය අපට ලබාදිය යුතුයි. ඒ ඉල්ලීම අපි කරනවා. අද පාර්ලිමේතුවේ තිබෙන තත්ත්වය හරිම කනගාටුයි. රටේ නායකත්වයට එන්න කියා මට අද ඉල්ලීම් තිබෙනවා" යැයි පවසා සිටියේය.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
විකාශ් Sunday, 25 November 2018 09:33 PM
මොන පිස්සුද ... අපි එහෙම කියන්නේ නැ.... ශාසනය රෙකගන ධහම්පාසල් ගුරුවරෙයෙක් වෙන්න ... බුද්ධ පුත්‍රයෙක් ධර්මය පතුරවන්න .....
Reply : 11 25
Champa Sunday, 25 November 2018 11:07 PM
ඒ වුනාට හාම්දුරුවනේ අර ගොල්ලෝ ජනාධිපතිගේ ලනුව කාල කරපු වැඩෙන් වුනේ UNP, JVP, TNA, සහ මුස්ලිම් පක්ෂ ඔක්කොම හිටියට වඩා ශක්තිමත් වෙච්ච එක. දැන් මැතිවරණයක් තිබ්බොත් ආපහු අඩු වැඩි වශයෙන් ඒ මූනුම තමයි දකින්න වෙන්නේ. ඊලඟට එන්න ඕනේ ජනාධිපතිවරණයක්. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් නොවෙන, රාජපක්ෂ කෙනෙකුත් නොවෙන, රටේ අනාගතය ගැන තමන්ගේ දැක්ම කෙලින්ම මිනිස්සුන්ට කියන්න පුළුවන් අලුත් මිනිහෙක් ජනතවගේ චන්දෙන් ජනාධිපති වෙන්න ඕනේ. අවුරුදු 70 ක් වැරදුනු මඟ හරි මඟට ගන්න මිනිහෙක් තමයි දැන් රටට ඕනේ. දෙන්නෙක් ඉල්ලනවා කියලා කියනව. මම නම් දන්නේ නැහැ ඒ ගොල්ලෝ රට වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන දැක්ම මොකක්ද කියලා. හරි නායකත්වයක් නැති රටකට දැන් නම් හාමදුරුවෝ වුනත් කමක් නැහැ.
Reply : 0 2
Champa Sunday, 25 November 2018 11:12 PM
ඔබ වහන්සේ ඔය ලිස්ට් එකට ජනාධිපතිතුමාගේ නම එකතු නොකළේ ඇයි? UNP JVP TNA උස්සන් ආවේ එයානේ. මහා මැතිවරණයකට ඉස්සෙල්ල නීති ගරුක, සාධාරණ, පරාර්ථකාමී, උඩින් එකක් කියලා යටින් හාත්පසින්ම වෙනස් දෙයක් නොකරන, ප්‍රතිපත්තිගරුක අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඕනේ.
Reply : 0 0
Wimal Monday, 26 November 2018 03:15 AM
පනිසිල් පද raklnna
Reply : 0 1
rocky Monday, 26 November 2018 05:59 AM
විකාෂ්, ඔබ බන කතා කරනවද. මුන්වහන්සේ දේශ පාලන නිකායේ පැවිදි සංඝ රත්නයක්. උන්වහන්සේලාට බන දහම් අකැපයි. දේශපාලු පිටකයේ හැටියට ආගමික කටයුතු වල යෙදුනොත් පාරාජිකාවෙනවා.
Reply : 0 1
සිරි Monday, 26 November 2018 08:25 AM
කවුද එහෙම ඉල්ලීම් කරන්නේ? විකාර කරන්නේ නැතුව, පින්සිදුවෙයි ශාසණය බලාගන්න. ගිහියෝ දේශපාලනය බලාගනීවි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd