ආරම්භ කරන ව්‍යාපෘති තවත් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරයක් නොවිය යුතු බවත් රටට ජනතාවට වැඩි ප්රතිලාභ හිමි වන ව්‍යාපෘති විය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
දේශීය ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය ඇම මෙරට තුළම නිෂ්පාදනය පිළිබඳ චීන නියෝජිත කණ්ඩායමක් සමග අද [ 20 ] පෙරවරුවේ පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය .
එහිදී අදාළ චීන නියෝජිත කණ්ඩායමෙන් රාජ්‍ය අමාත්‍යතුමා විමසා සිටියේ ටුනා මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයින් සදහා අවශ්‍ය මත්ස්‍ය ඇම මෙම නව ව්‍යාපෘතිය මගින් සම්පුර්ණයෙන් සපුරාලිය හැකිද යන්නය . එසේ නිෂ්පාදනය කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය රැකගැනීම සදහා මහත් පිටිවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දුන්නේය .
ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 200 කට එහා ජාත්‍යන්තර මුහුදු තිරයේදී මත්ස්‍ය ඇම සදහා ඇම ලෙස යොදාගන්නා දැල්ලන් ඇල්ලීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ . ඊට අමතරව ටින් මාළු කර්මාන්තය සදහා අවශ්‍ය මාළු ද එමඟින් ඇල්ලීම මගින් රටට විශාල ආදායමක් ලබා ගත හැකි බව මෙම සාකච්ජාවේදී අනාවරණය විය .
දැනට ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා දේශීය බහුදින යාත්‍රා 700 ක් පමණ පිටත්ව යන බවත් ඒ සෑම බහුදින යාත්‍රාවක් ම එක් ගමන් වාරයක් සදහා අවම වශයෙන් ටොන් 06 ක් පමණ බර ඇම රැගෙන යති . ආනයනය කරන එක් ඇම කිලෝවක් සදහා රජය රුපියල් 50 ක බදු සහනයක් ද ලබා දේ . දැනට ආනයනය කරන ඇම කිලෝවක් සදහා රුපියල් 300 ක පමණ මුදලක් වැය කිරීමට ධීවරයින්ට සිදු වේ . නව වැඩපිළිවෙල යටතේ එම මුදලින් අඩක මිලකට එනම් රුපියල් 150 ක් වැනි මිලකට ඇම ලබාදීමට හැකි බව මෙම සාකච්ජාවේදී අවධාරණය කෙරිණ .
මේ මගින් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන රුපියල් බිලියන ගණනක් වන විශාල මුදලක් රටතුළ රදවාගැනීමට හැකියාව ලැබීමත් , ඊට අමතරව බදු සහන ලෙස රජයට අහිමි වන තවත් විශාල මුදලක් ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙම වැඩපිළිවෙල පිළිබදව රජය දැනුවත් කර අදාළ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය .