ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජර්මනිය මැසඩෝනියාව, මෙන්ටෙනේග්රෝව හා එක්සත් රාජධානිය එක්ව එක්සත් ජාතීන්ගේ 39 වැනි මානව හිමිකම් සැසිවාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකාවේ සමගි සන්ධානවීම හා සාමය පිළිබඳව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහිදී ශ්රී ලංකාව ඇතැම් ක්ෂේත්රවල ලබාගත් ප්රගතිය මෙන්ම ශ්රී ලංකාවේ ඇතැම් අංශවල දුර්වලතාවයන්ද ඔවුන්ද පෙන්වා දී තිබේ.
ශ්රී ලංකාව අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට ගත් පියවර අගය කරන බවත් වන්දි ගෙවීමේ කාර්යාලයක්ද ඉක්මනින්ම ස්ථාපිත කෙරෙණු ඇති බවත් ඔවුන් පවසයි.
උතුරු නැගෙනහිර හමුදාව සන්තයේ තිබූ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව සතුට ප්රකාශ කරන නමුත් ඇතැම් ක්ෂේත්රවල වර්ධනය තමන් බලාපොරොත්තුවාට වඩා මන්දගාමීව ක්රියාත්මක බවත් ඔවුන් සඳහන් කරයි.
ශ්රි ලංකාවද සම අනුග්රහය දැක්වූ 30/1 යෝජනාවලිය අනුව ශ්රී ලංකාව තුළ ජාතික වගවීමේ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමට නියමිතව තිබුණත් මේ දක්වා එවැනි යාන්ත්රණයක් ස්ථාපිත වී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් වෙනුවෙන් වාර්තා වන පහරදීම් හා අඩන්තේට්ටම් පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවත් ස්ථිර අදහස් ඇති නායකත්වයක් හා පැහැදිලි කාල පරාසයක ක්රියකාරී සැලැස්මක් හරහා අදාළ ක්ෂේත්රවල වර්ධනයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙය මනාව සිදුකිරීම හරහා ශ්රී ලාංකිකයන්ට සමගිසන්ධානවීමට හා සෞභාග්යකට ගමන් කළ හැකි බවත් 30/1 හා 34/1 යෝජනාවලියන්හි සඳහන් කරුණු ක්රියාත්මක කිරීම මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ මානව හිමකම් සැසිවාරයට පෙර මුල්තැන ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.