ඉන්දියාව හෙට (12දා) දිනයේ සිට රට තුළ මගී සේවා අර්ධ වශයෙන් නැවත ආරම්භ කරන බව ඉන්දීය දුම්රිය සේවය නිවේදනය කරයි.
ඒ අනුව නවදිල්ලි-මුම්බායි මාර්ගය ඇතුළුව තෝරාගත් මාර්ග 15ක විශේෂ දුම්රියවලින් දුම්රිය ආරම්භ වන බව දුම්රිය අමාත්‍යාංශය පවසයි.
ඉන් අනතුරුව ඉන්දියානු දුම්රිය සේවය වෙනත් මාර්ගවල අතිරේක විශේෂ සේවාවන් ආරම්භ කරනු ඇති අතර, කොවිඩ් -19 සත්කාර මධ්‍යස්ථාන ලෙස දුම්රිය මැදිරි 20,000ක් පවත්වා ගැනීම සහ දිනකට දුම්රිය 300ක් දක්වා ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.
වලංගු දුම්රිය ටිකට්පතක් තිබීම, දුම්රිය ස්ථානයට ඇතුළුවන විට මුඛ ආවරණයක් අනිවාර්ය වීම, ඊට ඇතුළු වනවිට හා පිටතට යනවිට පරීක්ෂාවට ලක්වීම සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීම වැනි නීති මෙහිදී ක්‍රියාත්මක වන බවද දුම්රිය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා අගුලු දැමීම නිවේදනය කිරීමෙන් පසු මාර්තු 16 වැනි දින ඉන්දීය දුම්රිය සේවය වසර 167කට පසු ප්‍රථම වරට මගී සේවා නවතා දැමීය. ඉන්දියාව සමස්ත රටම අගුලු දැමීම අවම වශයෙන් මැයි 17දා දක්වා අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර තිබේ.