ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ තිබූ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද (22දා) සඳහන් කළේය.
මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා.
“අගමැතිවරයා කියනවා මේක ව්‍යවස්ථාවක් නෙමෙයි කියලා. තවත් අය කියනවා කෙටුම්පතක් නෙමෙයි කියලා. එහෙනම් මොකක්ද මේ. අනිත් පැත්තට කියනවා බුද්ධාගමට තියෙන තැන අහිමිවෙනවා කියලා.
මේක රනිල් වික්‍රමසිංහ මහතාටත් සුමන්තිරන් මහතාටත් අතර තිබෙන ගිවිසුමක්. මේ අය සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව රවටනවා. මෙය නැති කරන්න ජනතාව කටයුතු කළ යුතුයි. රටට ව්‍යවස්ථාවක් ඕන. මොකක්ද ඕන කියන එකයි ප්‍රශ්ණය”
මේ අතර ආගමික වැඩසටහන අමතමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක්ව කටයුතු කළ යුතු අවස්ථාවක් දැන් උදාවී ඇති බවයි.
“අපි ලාංකික ජාතියක් වශයෙන් සියලු දෙනා එකට කටයුතු කළ යුතු මොහොතක් මේ. එකිනෙකාට තියෙන වෛරයන් විරෝධතාවන් නැතිව සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට පුළුවන්. මුස්ලිම් ජනතාවත්, දමිළ ජනතාවත්, සිංහල ජනතාවත් සමගියෙන් ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ ඇතිවිය යුතුයි.
අන්තවාදින් කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඒ අන්තවාදීන්ගේ අදහස්වලට යටත් නොවී අපි දෙගොල්ලෝ අතර තිබෙන සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගනිමු.”
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
Champa Tuesday, 22 January 2019 04:31 PM
නැහැ රටට කොහෙත්ම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. අනිත් එක බලය පුළුවන් තරම් බෙදිය යුතුයි, ජතික්ත්වවාදයට එරෙහි විය යුතුයි, විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතුයි කියලා බැසිල් පොහොට්ටුවේ ප්රත්පත්ති එලි දක්වල තියෙන වෙලාවක කොහෙත්ම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. JR ගේ අනිත් සමහර නරක වැඩ තිබ්බත් ඉතාම දුර දක්නා නුවණින් සහ තීක්ෂණ බුද්ධියෙන් යුතුව කරපු දෙයක් තමයි විධායක ජනාධිපතිධූරය ඇති කිරීම. එහෙම නොවුන නම් මහින්දට කවදාවත් යුද්ධේ ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. එහනම් අද වගේ වෙනකොට සිංහල රට පාර්ලිමේන්තුවේ දූෂිත ආත්මාර්ථකාමී දේශපාලකයන්ගේ වැඩි චන්දෙන් බෙදල සිංහලයන්ගේ අයිතීන් ඔක්කොම නැති කරලා පන්සල් ඉවත් කරලා බුදු පිළිම කඩල අර කාලිංඝ මාඝගේ කාලේ වගේ වෙලා. ඇයි නවත්තන්න බලයක් නැහැ. සිංහල බෞද්ධයන්ට තියෙන එකම හව්හරණය විධායක ජනාධිපති ධූරය. ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ ඒක නැති කරන්න විතරයි. ඒ හින්ද මිනිස්සු අනාගතේ චන්දෙ දෙනකොට හුගක් කල්පනා කරන්න වෙනවා බැසිල් ඉන්න පක්ෂෙකට චන්දෙ දෙනවද කියල. අනික මේ සමගියේ කතාව. ගම්වල තිබුන සිංහල දෙමල මුස්ලිම් සමගිය කැඩුවේ බලලෝභී දේශපාලකයෝ. අනිත් අතට මුස්ලිම් මිනිස්සු
Reply : 15 6
Champa Tuesday, 22 January 2019 04:47 PM
මුස්ලිම් සහ දෙමල දේශපාලකයෝ තමන්ට වදින කොට විතරක් සිංහල දේශපාලකයෝ පස්සේ එනව. මාලිගාවත්ත තනිකර මුස්ලිම් රාජ්‍යයක්. දැන් හිටු කියලා මත්ද්‍රව්‍ය අල්ලනවා. මත්ද්‍රවය රටට ගේන්නේ සහ ලොකුම ජාවාරම්කාරයෝ වැඩි පිරිස දෙමල සහ මුස්ලිම්. මේ දවස් වල වනාතවිල්ලුවේ ආයුධ ඇල්ලුවා.මුස්ලිම් අන්තවාදීන් පහුගිය කාලේ සෑහෙන්න පෝෂණය වෙලා තියෙනව කියලා හොඳට තේරෙනවා වනාතවිල්ලුවේ වැඩ සිංහලයන්ට අලුත් වුනාට මුස්ලිම් ජාතිකයෝ මේවා දන්නවා. ඒවා අහු වෙනකොට මුස්ලිම් මිනිසුන්ට සමගිය මතක් වෙනවා. 2015 මහින්ද එක්ක හිටපු ආණ්ඩුවේ මුස්ලිම් මන්තිවරු ඇමතිවරු ඔක්කොම අනිත් පැත්තට ගියා. බේරුවල හින්ද නෙමෙයි වැඩි වැසි පැත්ත ඒ පැත්ත බව පෙනුණු නිසා. දැන් ආපහු මහින්දගේ පැත්තට එනවා. ඒ මොකොද දැන් ඒ පැත්ත වාසියි කියල හිතන නිසා. පැත්තක ඉඳන් බලන ඕනේ සිංහලයෙකුට මේක තේරෙනවා. පැහැදිලිවම කියන්න ඕනේ ඊළඟ ජනාධිපති තෝරන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් බලල. නැතුව දේශපාලකයෝ කියන මිනිහව නෙමෙයි. සමහරු කියනවා දේශපාලන පළපුරුද්ද සහ පරිපාලන දැනුම තියෙන්න ඕනෙලු. දැන් එහෙම තියෙන අයනේ අවුරුදු 70ක් රට පාලනය කලේ. අලුත් මිනිහෙක් පත් වෙන්න ඕනේ තනි සිංහල බෞද්ධ චන්ද වලින්.
Reply : 135 121
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd