Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිඳු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
රට පාවා දෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතිය ද රටට හානි වන සහ රටට නොගැළපෙන කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06දා) පෙරවරුවේ බිබිල මහජන කි‍්‍රඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.
ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට දේශපාලන භේදයකින් තොරව රටේ ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිංසක දරුවන්ට අත්විඳිමට සිදුවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් පෙනි සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අද අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.
popular news
Kumar Saturday, 06 July 2019 07:41 PM
ඔය ගිවිසුම ගැන ඔයතරම් කෑගහන්න ඕනෙද. ඒ ගිවිසුම ඔබතුමාගේ අත්සන ලබාගන්න පැමිණිවිට විරෝදය පෙන්වා අත්සන් කරන්න (veto). ඒ ගිවිසුම හැරුනවිට ලංකාවේ වෙන වැදගත් දෙයක් නැද්ද. ඇමරිකාවේ ආදාර මුදල් ලබාගන්න කැමති අය ලෝකෙ ඕනේ තරම් ඉන්නවා.
Reply : 2 3
Champa Sunday, 07 July 2019 11:11 AM
එල එල. ආරක්ෂක ගිවිසුම් ඒ කියන්නේ SOFA, හැබැයි ඇමරිකන් තානාපතිනි කියන විදිහට අත්සන් කරන්නේ VFA ඒ වුනාට දෙකේම තියෙන්නේ එකම දේ. VFA කියන්නේ ඇමරිකාව පිලිපීනෙ එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුම. මේ ගැන CT එකට comment එකක් දැම්ම. පිලිපීනෙ කියන්නේ 1898 ඉඳන් 1946 වෙනකම් ඇමරිකන් කොලනියක්. 1946 පිලිපීනෙට නිදහස දුන්නට 1951 ඇමරිකාව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. VFA කියන්නේ තාවකාලිකව ලංකාවට එන ඇමරිකන් හමුදා ගැන කතාවක්. හැබැයි SOFA කියන්නේ කෙලින්ම ඇමරිකන් base එකක් හැදීම සහ ඇමරිකන් හමුදාව නිරන්තරව රටට පැමිණීම. දැන් මෙතන ලොකු රැවටීමක් යනව. ACSA, SOFA, VFA, වගේ ගිවිසුම් වර්ග කිහිපයක් එක්ක. ඒ හින්ද රටම හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ ගිවිසුම් වලට ජනාධිපතිට හොට දාන්න පුළුවන් වුනාට MCC එකේ ගිවිසුම අත්සන් කරන්නේ කවුද? මේ ගිවිසුමත් හරිම භයානකයි. කෙටියෙන් කියනව නම් ඇමරිකාව හදන්නේ සොච්චම් ඩොලර් මිලියන 480කට මුළු රටේම ඉඩම් වල අයිතිය ගන්න. ඊළඟට SOFA/VFA ගිවිසුම් අනුව ඇමරිකන් කඳවරුත් හදාගෙන මේ රට පාලනය කරන්නේ ඇමරිකන් කාරයෝ. අපි කිව්වා චීනෙට මාගම්පුර වරාය විකුණන කොට. අන්තිමට මුළු රටම පරදේශක්කාරයන්ට.
Reply : 0 0
Champa Sunday, 07 July 2019 06:31 PM
තව පොඩ්ඩක් ලිඅන්න හිතුව. මොන විදිහක්ටවත් මේ ගිවිසුම් තුන (SOFA/VFA/MCC) හෝ තුනෙන් එකක්වත් අත්සන් කරන්න එපා. ජනාධිපතිතුමා වේදිකාවේ කිව්වට වැඩක් නැහැ. ලිඛිතව දෙන්න ඕනේ අගමැතිට සහ විදේශ ඇමතිට. ලිඛිතව. කැබිනට් එකටත් ලිඛිතව මේ directive එක දෙන්න. දැනට හොරට අත්සන් කරලා තියෙන ACSA ගැන අනාගත ජනාධිපති කෙනෙක් බලා ගනියි. මට නම් තේරෙනවා කරන්න ඕනේ මොකක්ද කියල. ඒ කාලෙට එන ඕනේ කෙනෙකුට කියල දෙන්න පුළුවන් කරන්න ඕනේ දේ. MCC යෝජනා රටට ඉතාම අහිතකරයි. මේ වෙනුවන් දීල තියෙන හෝ දෙනවැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන් 480 ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දැනට දීල නම් ඒ මුදල නැවත MCC එකට හරවා යවන්න ඕනේ. මේක අපේ රට. මේ රට ගැන තීරණ ගන්නේ අපි මිසක් කළු සුද්දෝ 2, 3ක්වත් ඇමරිකන් කාරයෝ වත් නෙමෙයි. සමහරු කියනව ඇමරිකාව අපේ අපනයන නවත්තයි තව අරක මේක කරයි කියල. ඇමරිකාව කියන්නේ එක රටක් විතරයි. ලෝකේ රටවල් 167 න් 96 ක් තියෙනව ප්රජාතන්ත්රවාදී රටවල්. තව අර්ධ 46 ක්. අවුරුදු 72 තිස්සේ එකම රටවල් කිහිපයක්, එකම අපනයන කිහිපයක්, සහ යල් පැන ගිය ප්‍රතිපත්ති මත්තේ යැපුණු එක නවත්තන්න කාලේ හරි. රටට ආදායමක් එන තව ඕනේ තරම් දේවල් තියෙනවා කරන්න.
Reply : 0 0
priyani Monday, 08 July 2019 10:29 AM
ජනාදිපති තුමා රට හිනස්සන විහිළු කතා එපා. මත් ද්‍රව්‍ය නැතිකරනවට මේ රටේ කිසිම මිනිහෙක් අකමැති නැහැ. රටට මේ අවස්ථවේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන මරණ දණ්ඩනය ගැනයි විරෝදය. මරණ දණ්ඩනය පැනවීමෙන් මෙය විසදිය නොයකි බවට ලෝකයේ කොතෙකුත් සාක්ෂි තිබෙනවා. සව්දි අරාබියාවේ සමහර වැරදි වලට මරණ දඩුවම දෙනවා. නමුත් එම වැරදි සමාජයෙන් ඉවත් වී නොමැත.
Reply : 0 0
Deepal Nirosh Monday, 08 July 2019 01:24 PM
මෙතුමා ඉඩ දෙන්නෙ නැහැ කිව්වට ගිවිසුම අත්සන් කරන්නෙ ලංකාව වෙනුවෙන් මෙතුමා නො වෙයිනෙ, ඉතින් මොකට බය වෙනව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd