ඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතු බවත්, රට පාලනය කරනා හා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා දී තිබෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව රටට අවශ්‍ය වන්නේ 1956 සහ 1977 වර්ෂ වලදී සිදුවුණා වැනි යුග පෙරලියක් බවද ඔහු සඳඑහන් කළේය.
වර්තමානයේ රටෙහි පැන නැගී තිබෙන අර්බුද හා එම අර්බුදයන් පැන නැගීමට හේතු වූ කරුණු කාරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,
“නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද මේ රටේ අපට තියෙන ප්‍රධානම සවිමත් සමාජ දර්ශක දෙකක්. මේ සමාජ දර්ශක දෙකෙන් මේ රටේ ආර්ථිකයට, මේ රටේ ඉදිරි ගමනට කොච්චර දායකත්වයක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක් වුණත් අපි ආඩම්බර විය හැකි පළමු ලෝකයේ තත්ත්වයක් මේ දර්ශක දෙක ඔස්සේ අපට ලැබිලා තියෙනවා. අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය මේ මඟින් නිරූපනය වෙනවා.
හැම විටම අපිට ඇහෙනවා අවුරුදු 70 ක් මේ රට පාලනය කරපු දේශපාලකයින් අද මේ රටේ අර්බුදයට වගකිව යුතු බව. අපේ සමාජ සංගුණක මගින්, අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් හොඳ තැනක හිටියත් ආර්ථික අතින් හොඳ තැනක නැතිබව තමයි හැමෝම කියන්නෙ. හැම දෙනාම ජනප්‍රිය කතා කිහිපයක් කියනවා. දෙවන ලෝක සංග්රාමයෙන් පස්සෙ අපි ආර්ථික අතින් දෙවනි වෙලා හිටියෙ ජපානයට පමණයි කියල ජනප්‍රිය මතයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම අපේ තාත්තලගෙ කාලෙත් මේ රට තුන්වන ලෝකයේ රටක්, දියුණු වෙන රටක්. අපේ කාලයේත් මේ රට තුන්වන ලෝකයේ රටක්, දියුණු වෙන රටක්. අපේ දරුවන්ගෙ කාලෙත් මේ රට තුන්වන ලෝකයේ රටක් දියුණු වෙන රටක් ආදී වශයෙන් පවතීය කියන අදහස ජනප්‍රිය දේශපාලනයේ ඇසෙමින් තියෙනවා.
සංඛ්‍ය ලේඛන දෙස බලනවිට, මූලික ඒක පුද්ගල ආදායම ආදී කාරණා දෙස බලන විට ජපානයට විතරක් දෙවෙනියි කියන එක බොරුවක්. අපේ ඒ අවස්ථාවේදී ජපානය 1960 තමයි මූලික දර්ශක පැමිණියේ. ඒ අවස්ථාවේදී අපේ රටේ ඒක පුද්ගල ආදායම වගේ හතර ගුණයකටත් වැඩි ඒක පුද්ගල ආදායමක් ජපානයේ තිබුණා පමණක් නෙවෙයි අපට සමාන්තරව තිබුණු රටවල් වුණේ විශේෂයෙන්ම දකුණු කොරියාව වැනි රටවල් පමණයි.
කෙසේ නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව, කිසිම හමුදා පාලනයක් නැතිව ජනතාව මත දරුණු ප්‍රජා පීඩනයක් ඇති කරන්නෙ නැතිව ආසියාවේ කොටියන් හැටියට, ආර්ථික කොටියන් ව්යාග්රයන් හැටියට හඳුන්වන රටවල් දැවැන්ත වර්ධනයක් ලබාගෙන තිබෙන බව ඇත්තයි. නමුත් අපිත් 1960 ට සාපේක්ෂව මේවන විට අපේ ඒක පුද්ගල ආදායම 35 ගුණයකින් විතර වැඩි කරගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටේ ඒක පුද්ගල ආදායම මනින නව මිනුම් දණ්ඩ වන PPP (Purchasing Power Parity) අගය මත අපේ රට අද ඒක පුද්ගල ආදායමෙන් දියුණු රටක් යැයි කියන මට්ටමට එනම් ඩොලර් 12,000 ඉක්මවල තියෙනවා. එනිසා අපි තාම තුනවන ලෝකයේ රටක් කියන එක පිළිගන්න පුළුවන් තර්කයක් නෙමෙයි. කෙසේ නමුත් ආර්ථික සමෘද්ධිය අපට ඒ ආකාරයට ලැබිල නැති බව, එය එක පැත්තකින් අපට ලැබිය යුතු තැන ලැබිල නැති බවත්, ඒ වගේම ඒ ආර්ථික සමෘද්ධිය සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත සමාජයේ බෙදී ගිහින් නැති බවත් මේ රටවටා යන ඕනම කෙනෙකුට යථාර්ථවාදීව දැකගන්න පුළුවන්.
ඇයි මෙහෙම වුණේ ? සමාජ දර්ශක, CWW කන්නන්ගර මැතිතුමා, ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය, ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය විසින් ඇති කරපු ඒ නිදහස් අධ්‍යාපනය හරහා, නිදහස් සෞඛ්‍ය සේවය හරහා අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය අපි ශක්තිමත් තත්ත්වයට පත්කරගත්තත් ඇයි ආර්ථික දර්ශක වලින් අපිට ආසියාවේ බැබලෙන රටක් බවට පරිවර්තනය වෙන්න බැරි වුණේ ? ලෝකයේ පස්වන ස්ථානයේ තිබිච්ච හොඳම වරාය අද ලෝකයේ 30 වන ස්ථානය දක්වා පහළ බැහැල තිබෙන්නේ ඇයි ? අපගේ මේ විශිෂ්ට භූ ගෝලීය පිහිටීම හා මේ සෞඛ්‍ය සම්පන්න උගත් ජනතාවගේ හැකියාව ආර්ථික විප්ලවයක් බවට පරිවර්තනය කරන්නට අපට නොහැකි වුණේ ඇයි ?
මේකෙදි අපි හැම දේශපාලකයටම අපි දොස් කියල වැඩක් නෑ. අපේ රටේ මේ පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ඇති වෙච්ච ඒ හොඳ නරක දෙකටම මගේ හැඟීමේ හැටියට නම් වගකිව යුත්තේ පවුල් හතරක් පමණයි. පළමු යුගයේදී සේනානායක - කොතලාවල පරම්පරාව, දෙවන යුගයේදී බණ්ඩාරණායක - රත්වත්තේ පරම්පරාව, තුන්වන යුගයේදී ජයවර්ධන - වික්‍රමසිංහ පරම්පරාව, 2005 න් පස්සෙ රාජපක්ෂ පරම්පරාව. මේ පවුල් හතර තමයි හොඳ නරක දෙකටම වගකිව යුත්තේ. මේ රට පාලනය කළ සෑම දේශපාලන ක්රියාකාරිකයෙකුටම දේශපාලඥයෙකුටම දොස් නැගීම වරදක්. පාර්ලිමේන්තුවේ 225 ට දොස් නැගීම වරදක්. මොකද ඔවුන් මේ පාලන තන්ත්රයට සම්බන්ධ වෙලා නෑ, තීරණ තීන්දු ගැනීම්වලට සම්බන්ධ වෙලා නැති නිසා.
රාජපක්ෂ පවුලේ සුවිශේෂී වෙනසක් තිබෙනවා. ඒ තමයි පැරණි අනෙක් පවුල් තුන මෙන් නෙමෙයි, පහළ බිම් මට්ටමේ තිබෙන සුළු ව්‍යාපාර හරහා මතු වෙච්ච නව ධනවත් සමාජ පැලැන්තිය එක්ක ඉහළ ගණයේ පවතින සෑම ව්‍යාපාරයක්ම, සෑම ආකාරයක ව්‍යාපාරයක්ම සීනී වෙළෙඳාම, පොල්තෙල් වෙළෙඳාම සිට මාධ්‍ය ව්‍යාපාරය දක්වාත් තම පවුලට නතු කරගැනීමේ වුවමනාව. ඒක වෙනත් කිසිම පවුල් පරම්පරාවක් මේ රටේ සිදු නොකළ ක්‍රියාදාමයක් බව අප මතක තබාගත යුතුයි.
අද අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනය මෙහෙයවන්නේ වැලි, කළුගල්, පස්, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ රෙස්ටෝරන්ට් නමින් හඳුන්වන නිල නොවන ගණිකා මඩම් මෙහෙයවන බලවේගයක් බව අප අමතක කළ යුතු නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු සඟ වෙද ගුරු - ගොවි කම්කරු පංච මහා බලවේගයක් අද ප්‍රාදේශීය දේශපාලනයේ නෑ. ප්‍රාදේශීය දේශපාලනය මෙහෙයවන්නේ මෙවැනි ආකාරයක අශිෂ්ඨ පාදඩ සමාජ පන්තියක් විසින්. එම පාදඩ අශිෂ්ඨ සමාජ පන්තිය විසින්ම අද ව්‍යාපාරික ලෝකයේත් සමාජ ලෝකයේත් මාධ්‍ය ලෝකයත් අත්පත් කරගෙන තිබෙන බව අපට ඉතාම පැහැදිළියි. ඒ නිසා සෙසු පවුල් පරම්පරාවලින් මේ පවුල වෙනස්වන ආකාරයත් අප මතක තබාගත යුතුයි. ඔවුන් බලය අත්හැරීමට සූදානම් නැති බවත් සමාජයේ සෑම කොනක්ම පාලනය කිරීම සඳහා කටයුතු කරගෙන යන බවත් අපට ඉතාම පැහැදිළියි.
1948 අපට නිදහස ලැබුණට පස්සෙ 2019 ත් එක්ක ආණ්ඩු මාරුවීම් දහ වතාවක් සිද්ධවෙලා තියෙනවා. හැබැයි ඒ ආණ්ඩු පෙරළි දහ වතාවක් සිද්ධ වුණාට මේ ඉතිහාසයේ තීරණාත්මක යුග පෙරළි මගේ දැනීමේ හැටියට සිද්ධ වුණේ දෙකක් පමණයි. එකක් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ නායකත්වයෙන් 1956 දී සිදු වූ පෙරලියයි. දෙක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1977 ඇති කරන ලද පෙරලියයි. මේ පෙරළි දෙක හැරෙන්නට අනෙක් සියලුම පෙරලි 10 හුදු ආණ්ඩු පෙරලි පමණයි. යුග පෙරලියක් ඇති වුණේ ඒ අවස්ථා දෙකේදී පමණයි.
ඒ වගේම අප මතක තබාගත යුතුයි මේ ඉතිහාසය ගැන පසු විපරමක් කරනවිට 1948 අපි නිදහස ලබාගත්තේ ලේ බිඳක්වත් නොසොල්වාය කියල අපි ආඩම්බරයෙන් කියන විට, ඒ නිදහසෙන් පසු 1953 හර්තාලය, 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, ඒ වගේම 1987 – 89 ජනතා විමුක්ති පෙරමුණ හා ඒ දේශප්‍රේමී ව්‍යාපාරයේ කැරැල්ල, 1974 සිට 2009 දක්වා පැතිරී ගිය ඒ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඇතිවෙච්ච එල්ටීටීඊ සංවිධානය විසින් දියත් කරන ලද සන්නද්ධ ක්‍රියාදාමය, බෙදුම්වාදී ක්‍රියාදාමය, ඒ වගේම අවසාන වශයෙන් කොළඹ හෝටල් සහ පල්ලි ඉලක්ක කරගෙන 2019 අප්‍රේල් 21 ඉස්ලාමීය මූලධර්මවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය. මේ සියල්ල හරහා ලේ බිඳක්වත් නොසොල්වා දිනාගත් නිදහස සැලකිය යුතු විදියට ලේ වලින් කැලැල් වී තිබෙන බව අප අමතක නොකළ යුතුයි.
අපේ ඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතුයි. මේ රට පාලනය කරනා හා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට නම් ඒ සඳහා හැකියාවක් නැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා තිබෙන බවත් අප මතක තබාගත යුතුයි. ඒ වගේම අප තේරුම්ගතයුතු වන්නේ හුදු ආණ්ඩු පෙරලියක් කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අගලක්වත් ඉදිරියට ගෙනයන්න බෑ. සමහරවිට මීටත් වඩා අපහසුතාවයට අමාරුවට අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරලියකි. 1956, 1977 වුණා වගේ යුග පෙරලියකි. ඒ යුග පෙරලියට ගාමක බලවේගයක් අවශ්‍යයි. ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතාපූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ වෙනත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි මේ රට ගලවාගන්නා ලෙස.
ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ, අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක් වන 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.