රටක් දියුණු වෙන්න නම් නීතියේ ආධිපත්‍ය රටක තහවුරු විම අනිවාර්යය එය කුමන දේශපාලන මතවාදයක් දැරුවත් සෑම අයෙකුට එක සමානව තිබිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය
ඊයේ (23) උදෑසන සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් ජනහමුව අමතමින් ඔහු මේ බව පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු සරත් විජේසූරිය මහතා ,
පාසැල් තුළ නිසි අධ්‍යාපනයක් නොමැතිවීම තුළ ටියුෂන් බිහිවෙනවා. රෝහල් තුළ හොඳ සෞඛ්‍ය සේවයක් නැති නිසා පුද්ගලික රෝහල් බිහිවෙලා. හොඳ පොදු ප්‍රවාහන සේවයක් නැති නිසා පෞද්ගලික බස් මාපියාවක් බිහිවෙලා තියෙන්නේ. එම ආයතන ක්‍රියාත්මක කරන්න නිසි ක්‍රමවේදයක් නෑ. සාධාරණ බවක් නෑ. ඒ නිසා හැමෝම සාධාරණ සමාජයක් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන සමාජයක් වෙනුවෙන් පෙරට ආ යුතුය.
2015 දි අපි ගේනවා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයත් සමග මෙම අත්තනෝමතික විධායක ජනාධිපතිකම අහෝසි කරන්න පුළුවන් නිර්පාක්ෂික අපේක්ෂකයෙක්ව අපි රට වටේම ගිහින් කොහොම හරි මෙයාව ජනාධිපතිකමට පත් කලා විහාරමදේවි පාක් එකේ. ලෝකෙටම පේන්න අත්සත් කලා ගිවිසුමක්. අනේ ඉතින් සති 2ක් ගියේ නෑ මෙයා අල්ලස් කොමිසමට බලපැම් කරනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට තියෙන චෝදනා විභාග කරන්න එපා විමර්ශන කරපු සිදුවීම් වලට නඩු දාන්න එපා කියලා.
එහෙම වුණේ කොහොමද නීර්පාක්ෂිකව ආපු මේ මනුෂ්‍යයා බලයට ඇවිත් සති 2 න් ශ්‍රි ලංකා එකේ සභාපතිකම ගත්තා. එතන ඉඳන් තමා අපි 2015 වෙනසෙන් පැතු නීතියේ ආධිපත්‍ය සාධාරණ නීතිය හා අල්ලසට දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බැරුව ගියේ” යැයි ඔහු මෙහිදි පැවසිය.