2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එදිනම පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
එසේම ජනවාරි 03 දා ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීමටද තීරණය විය.