රාජ්‍ය කාර්මික නිලධාරීන් සඳහා වන නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් නිකුත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගෙන රාජ්‍ය සේවා (සිවිල්/ විදුලි/ යාන්ත්‍රික ) කාර්මික නිලධාරීන්ගේ ජාතික සම්මේලනය හා ඌව පළාත් රාජ්‍ය සේවා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ සත්‍යග්‍රහයක් දේව කන්නලව්වක් , පෙළපාලියක් හා උද්ඝෝෂණයක් අද (8) බදුල්ලේදි පැවැත්විණ.
ඔවුන් අසනීප නිවාඩුදමා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ තිබිණ .
මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් නියෝජනය වන රාජ්‍ය කාර්මික නිලධාරීන් මේ සඳහා සහභාගි වූහ .
බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැති සත්‍යග්‍රහයකින් හා දේව කන්නලව්වකින් පසු මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ විය .
එතැන් සිට සටන් පාඨ කියමින් ඉල්ලීම් ඇතුලත් පුවරු රැගෙන බදුල්ල නගරය හරහා ඌව පළාත් සභාව ඉදිරියට පෙළපාලියෙන් පැමිණි පිරිස එම ස්ථානයේදී උද්ඝෝෂණයේ නිරත වූහ.
ඔවුන්ගේ සෙසු ඉල්ලීම් වන්නේ රුපියල් විසිදහසක අවදානම් දීමනාවක් මාසික වැටුපට ලබාගැනීම ,තීරුබදු රහිත වාහන පහසුකම් ලබාගැනීම , කාර්මික නිලධාරීන් බදවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් අඩු නොකිරීම යනාදියයි.
රජය මේ ඉල්ලීම් පිළිබඳව කටයුතු නොකලහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ජාතික සම්මේලනයේ ස භාපති මාලන් සේරසිංහ මහතා පැවසිය .