රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක රුපියල් 2500ක මාසික දීමනා වැඩිවීම, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කගේ පමණ විශ්‍රාම වැටුප් වැඩිවීම, විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනා හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා වැඩිවීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දීමනා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
පසුගිය අයවැයෙන් මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 40ක් බවද ඔහු ප්‍රකාශ කරයි.
රජයේ සේවක දීමනා වැඩිවීම අනුව මිලියන 1.1ක් වන රජයේ සේවකයන්ට මාසිකව රුපියල් 2500ක දීමනාව අද සිට ක්‍රියාත්මක අතර ඒ සඳහා රුපියල් මිලියන 20000ක් වෙන්කර තිබේ. රජයේ සේවකයන්ට ලබාදෙන රුපියල් 7800ක ජීවන වියදම් දීමනාවද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
හමුදා සමාජිකයන් සඳහා ලබාදෙන කොමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා වැඩිවෙන අතර ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබාදෙන නිවාස කුලී දීමනාව දෙගුණ කිරිමටත් කටයුතු කර තිබේ.
විශ්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කිරීමට අදාළව 2015/12/31ට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කගේ පමණ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 දක්වා වැඩිවීමට නියමිතය.
විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 3500ක ජීවන වියදම් දීමනාව ඒ ආකාරයෙන්ම ගෙවන බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් ලබාදෙන දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ යන අතර වකුගඩු රෝගයෙන් පෙළෙන තවත් 5000ක් වෙනුවෙනු රුපියල් 5000 බැගින් අලුතෙන් දීමනාවක් ලබාදීමද අද සිට ක්‍රියාත්මක වෙයි.