ලබන 2020 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප අවමය රුපියල් 3,000 කින් සහ උපරිමය රුපියල් 24,000 කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ විශේෂ වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි මෙම වැටුප් වැඩිකිරීම සිදුව තිබේ. මෙම වැටුප් වැඩිවීමට සාපේක්ෂව ලක්ෂ 11කට ආසන්න සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනාද ඉහළ යන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, මෙම වැටුප් වැඩිවීම යටතේ 2015 වසරේ රුපියල් 11,730ක්ව පැවැති රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ සේවක අවම වැටුප රුපියල් 24,250ක් දක්වා වැඩි කිරීමට දැනටමත් ලබා දී ඇති අනුමැතියට අනුව සිදුව ඇති බවත්, එය තවත් රුපියල් 3,000 කින් වැඩි වී රුපියල් 27,250 දක්වා එය පත්වෙයි.
එසේම කළමකාකරණ සහකාර ධුරය සඳහා 2015 පැවැති රුපියල් 13,990ක් වූ මූලික වැටුප, රුපියල් 33,260ක් දක්වාත්, ආශ්රිත නිලධාරී වැටුප රුපියල් 15,215 සිට රුපියල් 36,530 දක්වාත්, විධායක නිලධාරී වැටුප 22,935 සිට 57,200 දක්වාත්, අමාත්‍යාංශ ලේකම් වැටුප රුපියල් 47,515 සිට 122,625 දක්වාත් ඉහළ යයි. වාරිමාර්ග, ඉංජිනේරු සහකාර, ශ්‍රී ලංකා තාක්ෂණ සේවය, ශ්‍රී ලංකා දුම්රිය මෙහෙයුම්/අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් තාක්ෂණික සේවා කාණ්ඩයේ මූලික 36,095 දක්වාත් ඉහළ යයි.