රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිෂම ඉදිරිපත් කළ වාර්තාවට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වනවිට රාජ්‍ය සේවයේ විශාල අකාර්යක්ෂමතාවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කිරීමට ඉදිරිපත් කළ චක්‍ර‘ලේඛය නොසලකා හැරීම හේතුවෙන් 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
විධායක සේවාවල පිරිස් සඳහා විශේෂ දීමනාවක් ලබාදීමට නිකුත් කළ චක්‍ර‘ලේඛයක් නොසලකා හැර තිබෙන බවත්, රාජ්‍ය සේවකයන්ට එසේ සිදුකරමින් ආණ්ඩුව අනවශ්‍ය වියදම් දිගින් දිගටම සිදුකරමින් තිබෙන බවත් අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.