දීර්ඝ කාලයකට පසු රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි අද දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ඔවුන්ට අවශ්‍ය පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.
රාජ්‍ය සේවකයන් සිය සේවා ස්ථාවනවලට වාර්තා කිරීමේදී ඔවුන්ට බාධාවකින් තොවර ඒ සඳහා අවශ්‍ය ඉඩ ලබාදෙන ලෙස ලෙස පොලිස් මූලස්ථානය මගින් සියලුම පළාත් බද ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරුන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කර ඇති බවද ඔහු සඳහන කළේය.
කෙසේ වෙතත් යම් කිසි අවස්ථාවක සේවයෙක් බවට බවට සනාථ කිරීමට පොලීසිය ලියවිල්ලක් ඉල්ලුවොත් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
සැම විටම නිරෝධායන නීති අනුව කටයුතු කරන්නැයිද ඔහු සඳහන් කළේය.