රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
රජයේ වාහන පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයාම හේතුවෙන් සිදුවන අක්රමිතාවන් ඉදිරියේ දී වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙස ජනපතිවරයා සඳහන් කර තිබේ.
රජයේ වාහන සංචිතයේ තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමට හැකිවන අයුරින් එම තොරතුරු පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරු සමග පෙරේදා (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාක දී ය.