චෝදනා නොමැතිව සිරගත කර තැබිම වත්මන් රජය ඉටුකරමින් පවතින සේවය බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
අද (2) මාතර දි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවසිය.
එහිදි තවදුරටත් අදහස් පළකල මන්ති‍්‍රවරයා මෙසේද පැවසිය.
‘‘ මහා බැංකු මංකොල්ලයට සමිබන්ධ ඒ දෙදෙනාට ඊයේ අධිකරණයෙන් ඇප ලබාදුන්නා. ඒක පුදුම වෙන්න කරුණක් නෙමෙයි, මොකද අපි සුලූවෙන් හරි විස්වාස කරනවා අධිකරණය ස්වාධිනයි කියලා. මේ නඩුවේ ප්‍රධාන විත්තිකරු රජයේ අනුග්‍රහය ඇතිව විදෙස් ගතවෙලා ඉන්නවා. එහෙම ඉද්දි සුළු මුලාදැනියෝ දෙන්නෙක් තමයි මේ වසරක් තිස්සේ චෝදනා නැතුව, නඩුවක් නැතුව සිරගත කරලා තිබුනේ. ඒක මහා ජාතික අපරාදයක් . ඒ නිසා ඒ අයට ඇල ලබාදිම සම්බන්ධව අපේ කිසිම විරුද්ධතාවයක් විමතියක් නැහැ.’’ යැයි පැවසිය.
‘‘ කිසිම චෝදනාවක් නැතිව මිනිස්සු හිරේ දාන එක තමයි මේ ආණ්ඩුවේ විනෝදාංශය, ජනතාවට කරපු එකම සේවයත් ඒක. මොකද මේ දෙන්නා රජයට සහයෝගය දක්වන්න ගිහින් තමයි සිරගත වුනේ. රජයේ නීතිඥවරයා කියන කියන දේට උසාවිය එකඟ වුනා. එහෙම වෙචිච නිසා තමයි මෙහෙම වුනේ . අද සත්‍යය වටහාගෙන මේ තිරණය දිලා තියෙනවා ,ඒ ගැන සතුටු වෙනවා.’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි