රාජ්‍ය අංශයේ ආයතන විසින් හදිසි අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා විදුලි උත්පාදන යන්ත්‍රවලින් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම විදුලි උත්පාදක යන්ත්‍ර මගින් මෙගාවොට් 200 ක පමණ ධාරිතාවක් ජනනය කළ හැකි බවට හඳුනාගෙන තිබේ.
හදිසි අවස්ථාවලදී ඩීසල් බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීමට වඩා, මෙම උත්පාදක යන්ත්‍රවලින් ප්‍රධාන විදුලි ජාලයට විදුලිය සැපයිය හැකි නම් එය වඩා වාසිදායක විකල්පයක් බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව රාජ්‍ය අංශයේ ආයතන සතු විදුලි උත්පාදක යන්ත්‍ර මගින් ජනනය කරනු ලබන විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය ලැබී ඇත.