රජයේ මුද්‍රණාලයේ පිරිසකට දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබා දීමට හා වන්දි ලබාදීමට සැලසුම් කිරීමට එරෙහිව අද (06) දහවල් 12.00 සිට මුද්‍රණාල කටයුතු වලින් ඉවත්වූ බව රජයේ මුද්රණාලිය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ අනුව සම්පූර්ණයෙන්ම මුද්‍රණාලයේ කටයුතු නැවතී තිබෙන බවත් මෙම ගැටළුවට අමතරව තවත් ගැටළු ගණනාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ කැදවුම්කරු සරත් ලාල් පෙරේරා මහතා සඳහන් කළේය.
දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ 50 කට අධික සේවකයින්ට උසස්වීම් හා වන්දි ලබාදීමට තීරණය කර තිබෙන බවද කියා සිටියේය.