හෙට (20දා) සිට රාජ්‍ය සේවයේ කටයුතු කොටස් වශයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව රජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවද කොටස් වශයෙන් සිය රාජකාරී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම දොපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් දුරකතන මාර්ගයෙන් දැනුම් දී අවස්ථානුකූනව දෙපාර්තමේන්තුවට කැඳවන බව රජයේ මුද්‍රණාලයාධිපති පවසයි.
ඒ අනුව සියලුම කාර්ය මණ්ඩලය සේවා අවශ්‍යතාව මත අවස්ථානුකූලව වරින් වර සේවය සඳහා කැඳවීමට නියමිත අතර ඒ සඳහා සූදානම්ව සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය සේවකයන්ට දන්වා සිටියි.