දැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
එම වාහන අතරින් වාහන 4116ක් සුළු අලුත්වැඩියා කරන නැවත භාවිතයට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉතිරි වාහන අපහරණය කර මුදල් ලබාගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසරක කාලයක් සඳහා රජයට වාහන ගෙන්වීම නවත්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.