කොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද (18) විපක්ෂනායක කාර්යාලයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මැයි ජූලි මාසය වන තෙක් විශාල ලෙස ලංකාවේ සමස්ථ ආර්ථිකයටම ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, අගෝස්තු එසේත් නැත්නම් සැප්තැම්බර් වනවිට නැවත ආර්ථික වශයෙන් නැගී සිටීමට හැකිවන බවත් ඒ මහතා කියා සිටියේය.
රජය මේ අවස්ථාවේ කළ යුත්තේ දේශපාලනය නොවන බවත්, මේ අවස්ථාවේ ජනතාවට නැගී සිටීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා,
"අපට පේනවා යම්කිසි ලෑස්තියක් වෙනවා මේ ඡන්දය හැකිතාක් ඉක්මනට ජූනි 02 දාට කලින් පවත්වන්න. බොහෝ දෙනා බොහෝ දේවල් ඒ ගැන කියනවා, දකුණු කොරියාවේ ඡන්දය පැවැත්වූවා නම් ඇයි අපිට බැරි කියලා. දකුණු කොරියාවේ මිලියන 51 ජීවත් වෙනවා. ඡන්දය දවස් තුනක් තිස්සේ තිබ්බා. හැබැයි තියන්න කලින් PCR පරීක්ෂණ 540000 (පන්ලක්ෂ හතළිස්දාහක්) කරලා තිබ්බා. ලංකාවේ මිලියන විසිඑකහමාරක් ජීවත් වෙනවා. හැබැයි අපි දන්නා ආකාරයට කරලා තිබෙන්නේ PCR පරීක්ෂණ පන්දාහක් හෝ හයදාහක් වගේ ප්‍රමාණයක්. එතකොට දකුණු කොරියාව ඡන්දයකට යන්න කලින් එම සමාජය තුල මේ වෛරසය පැතිරෙන්නේ නැහැ කියන එක තාක්ෂණිකව ඔප්පු කරන්න පුළුවන් වුණාට පස්සේ තමයි ඡන්දය තියන්න ඔවුන් තීරණය කරේ. නමුත් ලංකාවේ එහෙම දෙයක් කරන්න ඔවුන්ට දත්ත නැති බව අපි කවුරුත් දන්නවා.
ලෝකයේ ප්‍රථම වතාවට රටක් හැටියට අහඹු ලෙස සමීක්ෂණයක් කරේ ඔස්ට්‍රියාව. ඒ වාර්තාව ඊයේ ගෝලීයව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන වාර්තාව මේ පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කරන අයට ඉතාමත්ම වැදගත් වෙයි. එය අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන්. ඔස්ට්‍රියාවේ ජනගහනය මිලියන 9 යි. ඔවුන් අහඹු ලෙස සාම්පල්ස් අරන් තියෙනවා 1945 දෙනෙක්ගෙන්. ඊට පස්සේ ඒකෙන් හොයාගෙන තියෙනවා ඔස්ට්‍රියාවේ සමස්තයක් හැටියට මිලියන 9 ක් වෙන ජනතාවගෙන් 29 දාහකට මේ කෝවිඩ් 19 වෛරසය හැදිලා තියෙනවා කියලා අප්‍රේල් මාසයේ පළවෙනි සතියේදී.
හැබැයි ඔවුන්ගේ රටේ කොවිඩි හැදුනයි කියලා වාර්තාවෙලා තියෙන්නේ අටදාහකට විතර ප්‍රමාණයක්. එතකොට ඒ රටේ විතරයි අහඹු ලෙස හොයලා තියෙන්නේ ජනගහනයෙන් PCR පරීක්ෂණ කරලා කී දෙනෙකුට මේක තියෙනවාද කියලා. එතකොට මේකෙන් පෙන්නන්නේ ඕනෑම රටක වාර්තාවෙලා තියෙන සංඛ්‍යාවට වඩා මෙම වෛරසය සමාජයේ පැතිරිලා තිබෙන බවයි. අපිට එය පෙන්වන්න තියෙන එකම රට ඔස්ට්‍රියාව. මේ වගේ පරීක්ෂණවලින් කියන්න පුලුවන් 95% ක්ම මෙතරම් ප්‍රමාණයකට මෙය ආසාදනය වෙලා තියෙනවා කියලා. ඉතින් 29 දාහක් කියලා ඔවුන් එස්ටිමේට් එකක් දුන්නට ඔවුන්ගේ Confidence Interval එක 10000 හත් 67000 ත් අතර ප්‍රමාණයක්. ඒ නිසා මේ සියලු දේ හරියට අධ්‍යයනය කරලා මිනිස්සුන්ට මේ අවස්ථාවේ ඔලුව උස්සන්න රජයේ සහයෝගය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා" යනුවෙන්ද කියා සිටියේය.