පසුගිය රජය විසින් රාජ්‍ය නිලධාරින් FCID ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ බව ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (01) පෙරවරුවේ පැවති ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙම්න්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සේවාව අවංකව සහ කාර්යක්ෂමව සිදු කිරීම වැදගත්. ජනතාව අතර රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පිළිබඳ පවතින්නේ එතරම් හොඳ ආකල්පයක් නොවෙයි. වත්මන් රජය විසින් රාජ්‍ය සේවාව පිළිබඳව පවතින ජනතාවගේ අපැහැදිම නැති කිරිමට කටයුතු කරනවා. ඒ සදහා වංචා, දූෂණ, සහ අක්‍රමිකතා සිදු කරන නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරනවා වගේම යහපත් චේතනාවෙන් කටයුතු කරන නිලධාරීන් රැකගැනීමටත් ඔවුන්ට අසාධාරණ නොවන ලෙස නීති අණපනත් සකස් කිරිමට වත්මන් රජය කටයුතු කරනවා. මම විශ්වාස කරනවා එය රාජ්‍ය සේවාව කාර්යක්ෂම කරන්න හොඳ වැඩපිළිවෙලක් වෙයි.