කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අසරණ වී සිටින එහෙත් , රජයේ දීමනා නොලබන පුද්ගලයින් සඳහා යම් දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව එවැනි පුද්ගලයන් සිටින පවුල් වල ලේඛනයක් ග්‍රාමීය කමිටු හා රජයේ නිලධාරින් එක්ව සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙහිදී එම ලේඛනය ග්‍රාමීය කමිටුව මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදිය යුතු වන අතර එහි ඇතුළත් තොරතුරු සත්‍ය හා නිවැරදි ද යන වග ආරක්ෂක අංශ යොදවා සොයා බැලීමට නියමිත බවද සඳහන් වේ.
ඒ අනුව මෙම සතිය තුළදී අදාළ ලේඛන සකස් කිරීමට නියමිත බව පැවසේ.