කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික බලකායේ සාමාජිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට / නැවත ඇතුළු වන PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳව නව මාර්ගෝපදේශ විදේශ කටයතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
2020 ජුනි 4 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙසේ සංශෝධිත උපදෙස් නිකුත් කර තිබේ.
- රාජ්‍ය තාන්ත්‍රික දූත පැවරුම් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට / නැවත ඇතුළුවීමට නියමිතව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු සටහන් වාචික සටහනකින් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට දැනුම් දිය හැකිය.
- රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතුය.
- රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.
- දින 14 ක කාලයක් සඳහා, දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් නිල නිවාසවල ස්වයං නිරෝධායනය කරනු ඇත. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය. (ස්වාධීන / වෙනම නිවාස නොමැති නම්),
- රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල / නියෝජිතයින් විසින් දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දිය යුතු අතර, දූත මෙහෙවර විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව නිලධාරියා දූත මෙහෙවර නැවත ආරම්භ කිරීමට පෙර සිදු කරන ලද දෙවන පීසීආර් පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
- රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල / නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර අවම වශයෙන් පැය 48 කට පෙර අමාත්‍යාංශයේ ප්‍රධානියා වෙත යැවිය යුතුය.