‘කිසිඳු ලියවිල්ලක් ලේඛණයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම ‘ යනුවෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 10 දා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඔහු විසින්ම තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අවලංගු කර තිබේ.