නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සිය අමාත්‍ය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී 2020.09.03 වන දින මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.
එහිදී අගරදගරු හිමිපාණෝ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මැතිවරණ විජයග්රහණයට සහ නව අමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව සිය ප්‍රසාදය පල කරන ලද අතර, රාජ්‍ය අමාත්‍යතුමන් විසින් සිය අමාත්‍යාංශය මගින් කෙටිකාලීනව හා දිගුකාලීනව සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව අගරදගුරුතුමන් මෙහිදී දැනුවත් කරන ලදී