රාජ්‍ය අමාත්‍යවරයෙක් ඔහුගේ මිතුරන් කණ්ඩායමක් බීමතින් බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.ඔවුන් බන්ධනාගාරය හා එල්ලුම් ගස බැලීමට මෙසේ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඩේලි මිරර් වෙබ් අඩවිය බන්ධනාගාර වාර්තා උපුටා දක්වමින් පවසන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පිස්තෝලය අතැතිව සිටි බවත් ඔහුගේ මිතුරන් අධික බීමතින් සිටීම නිසා ඇවිද ගැනීමට පවා නොහැකි තත්ත්වයක සිට ඇති බවයි.
එසේම ඔවුන්ට බන්ධනාගාරය ඇතුළුවීමට අවසර නොදීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් සමග වචන හුවමාරුවක්ද සිදුව තිබේ.
එවැනි සිදුවීමක් සිදු වූ බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ නොපැවැත්වෙන නිසා වැඩිදුර තොරතුරු හෙළිකළ නොහැකි බවත් පවසා තිබේ.
මේ අතර, බන්ධනාගාර කළමනාකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකගෙන් මේ පිළිබඳව විමසා ඇති විට සඳහන් කර ඇත්තේ මෙවැනි සිදුවීමක් හෝ ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ වූ බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.