රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු කොරෝනා ආසාදිත වි ඇති බව අද දින ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොරෝනා ආසාදිත වි ඇත්තේ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ සේවය නියුතුව සිටි ආණමඩුව තළාකොලවැව පදිංචි පොලිස් සැරයන් වරයකු බව කියයි.
රාජ්‍ය ඇමතිවරයා කොරෝනා ආසාදිත විමත් සමග අදාල පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ඔහුගේ නිවසේ යොමු කර සිටියදි සිදුකල ජෛව පටල පරික්ෂණයකින් පසු මොහු ආසාදිත බවට සනාථ වි ඇති බව කියයි.
අදාල ආසාදිත පොලිස් සැරයන්වරයා කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.