රුපියල් 5000 දීමනාව ලබාදීමේ දී මධ්‍යම රජයෙන් පවුල්වලට දැනට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර දීමනාව ලැබෙන්නන් සදහා රුපියල් 5000ක් වන සේ ඉතිරි මුදල් ප්‍රමාණය පමණක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එක්වර රුපියල් 5000ක් ප්‍රතිලාභියාට ලැබෙනු ඇත. ඉහත සඳහන් දීමනා කිහිපයක් පවුලකට ගෙවනු ලබයි නම් රු 5000 සම්පූර්ණ කළ යුත්තේ අදාල පවුල ලබන වැඩිම දීමනාව පදනම් කර ගෙන බව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුවන් සහ ප්‍රාදේශීය ලේකම්වරුවන් වෙත දැනුම් දී තිබේ.
මින් පෙර රුපියල් 5000 ලබාදුන් අවස්ථාවලදි හදුනා නොගත්, මේ අවස්ථාවේ දී රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ඉල්ලුම් කරන යම් පවුලක්, චක්‍රලේඛ අංක PTF/03/2020(2) හි සදහන් පෝරමය පුරවා ග්‍රාමිය කමිටුවේ යම් සාමාජිකයෙකුට භාරදිය හැකි අතර,ග්‍රාමිය කමිටු නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියෙන් මෙම දීමනාව ලබාගැනීම සදහා සුදුසුකම් ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී ඇත.
යම් පවුලකට මධ්‍යම රජයෙන් ගෙවනු ලබන අනෙකුත් දීමනාවන් නොලැබී, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වකුගඩු දීමනාව යන රුපියල් 5000 දීමනාවන්ගෙන් එක් දීමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවුන්ට පමණක් සුවිශේෂි වන සේ රුපියල් 3000ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද උපදෙස් ලබා දී ඇත.
සමෘද්ධි දීමනාව ලැබීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති අඩු ආදායම්ලාභී පවුල්, ජීවනෝපාය අහිමි වීම මත තෝරා ගෙන ඇති පවුල්, මුල් අවස්ථාවේ දී ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාළ මහලේකම් කාර්යාලවල පොරොත්තු ලේඛනවල වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති පවුල්, අභියාචනාවලින් තෝරාගෙන ඇති පවුල්, රජයෙන් කිසිදු දීමනාවක් නොලබන හා නොමිලේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස, ළමා නිවාස හා ආබාධිත නිවාස වැනි සුභසාධක ස්ථානවල නේවාසිකයින් හතර දෙනෙකු එක් පවුලක් සේ සලකා ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරාගනු ලබන ප්‍රතිලාභි ඒකක සහ රුපියල් 5000 දීමනාව ලබාදීම වෙනුවෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් මේ අවස්ථාවේ දී අයදුම්පත් ඉදිරිපත් කර, ග්රාමීයේ කමිටුවේ නිර්දේශ මත තෝරාගනු ලබන පවුල් සදහා රුපියල් 5000 දීමනාව සම්පූර්ණයෙන්ම හිමිවේ.
රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුවන්ව හා ප්‍රාදේශීය ලේකම්වරුන්ව දැනුවත් කරමින් නිකුත් කළ ලිපියෙහි උක්ත සදහන් උපදෙස් ලබා දී තිබේ.