රජයට කිසිසේත්ම තොරතුරු වසංගත කිරිමට වුවමනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
විපක්ෂය විසින් කොරෝනා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය තොරතුරු වසන් කරන කරන බවට මාධ්‍ය විසින් නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේය.
මෙය ඒක් වෛද්‍යවරයෙකු විසින් ගන්නා තිරණ නොවන බවත් ප්‍රාදේශිය මට්ටමින් ,පළාත් මට්ටමින් සියලු වෛද්‍යවරුන් සාමුහිකව ගන්නා තිරණ බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් සෞඛ්‍ය අංශයේ පවතින දැඩි කැපවිම්, උත්සාහ හා දැඩි තිරණ මත ඉදිරියේදි මේ රෝගය යහපත් ලෙස පාලනය කර ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.