රජයට අවශ්‍ය ලෙස සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු තීරණය කරන බව මැතිවරණ කොමසාරිස්වරයා සෑම අවස්ථාවකම පක්ෂ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ නිසා නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමේදී ආණ්ඩුව විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කර තිබෙන්නේ සැලසුමක් ඇතිව බවත් නව සෞඛ්‍ය ලේකම්වරයා ආණ්ඩුවට අවශ්‍ය ලෙස සෞඛ්‍ය වාර්තා සකස්කර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදෙනු ඇති බවද ඒ මහතා එහිදි පැවසීය.
ඉන්පසු ඒ ඔස්සේ මැතිවරණ පවත්වා ගැනීම ආණ්ඩුවේ අභිලාෂය බවත් සෞඛ්‍ය බලධාරීන් මේ වන විට ප්‍රකාශ කර තිබෙන්නේ කොවිඩ්-19 අවධානම තාමත් රටින් සම්පූර්ණයෙන්ම තුරන්ව ගොස් නොමැති බව යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
මේ වන විටත් රටේ මැතිවරණයකට සුදුසු වාතාවරණයක් නොමැති අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොවුණහොත් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මැතිවරණයකට නාමයෝජනා බාරදී තිබෙන අවස්ථාවක මෙලෙස ආමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම මැතිවරණ නීතියට හා සාරධර්ම වලට පටහැනි ක්‍රියාවක් බවත් ආදායම් අහිමිවූ පුද්ගලයින්ට රුපියල් 5000 ක මුදලක් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ප්‍රධාන පක්ෂයක උසස් නිලධාරියෙකු පත්කර තිබෙන අතර මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතු බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.