අනවසරයෙන් ලුණුගම්වෙහෙර ප්රදේශයේ රජයේ ඉඩමක කැලෑ එළිපෙහෙලි කරමින් සිටි බව කියන දෙදෙනකු උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු සහ කරදගොල්ල ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු බව නිලධාරිහු කියති.
නීතිවිරෝධීව බලපත්ර නොමැතිව ලුණුගම්වෙහෙර ලක්ෂ්මන් රාජපක්ෂ මාවත ප්රදේශයේ පිහිටි රජයේ ඉඩමක කැලයක් එලිපෙහෙලි කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමඟ යකඩ ඉන්නක්, ලී මිට සහිත කැත්තක්, භූමිතෙල් සහිත කෑන් එකක් පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනිෂා මානගේ