රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පළිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීම් සිදු නොකර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
තලවකැලේ, ලිඳුල නගර සභාවේ සහ ආගරපතන, කොත්මලේ යන ප්‍රාදේශීය සභාවල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (11) එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවැසීය.
මෙහෙදි තවදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවයා ,
රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු දේශපාලන පළිගැනීමක් නැහැ. මේ රජය කවදාවත්ම එහෙම කරන්නේ නැහැ. නමුත් එක එක දේශපාලන පක්ෂ විසින් තම වාසියට මෙය හරවා ගන්න බලනවා. මේ සිද්ධිය දේශපාලනට හරවා ගැනිම මම හිතන්නේ සම්පුර්ණ වැරදි ක්‍රියාවක් කියලයි. මෙම සිද්ධිය දැනට පොලීසියට භාරදි තිබෙනවා. පොලීසිය නිසි ලෙස එම කටයුතු ඉටු කරයි.
මේ රටේ නීතියක් තිබෙනවා. එම නීතියට අනුව මේ කටයුත්තත් ක්‍රියාත්මක වේවි. මේ ගැටලුව විමර්ශනය කිරිමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි පුද්ගලික මත ප්‍රකාශ කරනවාට වඩා ඒ සඳහා අදාළ ආයතනවලට අවස්ථාව ලබා දෙනවා නම් ඒක තමයි අපි හැම දෙනාම සිදු කල යුතු කාර්යය වන්නේ. තමන්ගේ පුද්ගලික මත මේ සදහා ප්‍රකාශ නොකර සිටීම තමා වැදගත් වන්නේ යැයිද ආණ්ඩුකාරවරයා පැවැසීය.