වර්තමානයේ රට පත්ව ඇති අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලූ දේශපාලන පක්ෂ, වෘත්තිය සංවිධාන, සිවිල් සංවිධාන එකතුවෙලා එජාප විරෝධී පොදු සංවිධානයක් බිහි කිරීමේ මූලික සාකච්ජා අරඹා ඇතිබවත් එහි නායකයන් ලෙස වර්තමානයේ රටට නායකත්වය දෙන අය පත්විය හැකි බවත් නම සහ ලකුණ ඉදිරියෙ දැනගත හැකිවනු ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසීය.
ඇඹිලිපිටිය නගරයේ 09දා පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.
එහිදි තවදුරටත් කරුණු දැක්වූ ටී. රංජිත් සොයිසා මහතා
රට අද පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයෙන් මුදවා ගැනිමට ඇති එකම විසදුම මහ මැතිවරණයක් පැවැත්විම බව උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වලින් නැගෙන ජනතා නැගිටිම්වලින් පෙනී යනවා. රජයක් විදියට මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබදවත් පොදු සංධානයක් ලෙස ඊට ඉදිරිපත්වීම පිළිබදවත් මේ වනවිට සාකච්ජා පවත්වමින් සිටිනවා.
නමුත් අපේ රටේ විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ නායකයන් ජන්දයක් එපා කියනවා. ඒ අය අභියාචනාධිකරණයට ගිහින් ගත්ත අතුරු තහනම නිසා මෙතෙක් කලක් ලංකාවේ බිහිවූ කිසිම විධායක ජනාධිපතිවරයෙකුට නොමැතිවූ අගමැති, ඇමති මණ්ඩලයේ සියලූ බලතල වත්මන් ජනාධිපති වටා කෙන්ද්‍රගත වෙලා තියනවා.
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු රට තුල ලේ වැගිරීමක් ඇති කර රට අරාජික කිරීමේ උත්සාහයක නිරත වන බව පෙනෙනවා. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමන් කියනවා ජනපති මන්දිරය වටලලා මෛත්‍රී ජනාධිපතිතුමා අල්ලා ලිබියාවේ ගඩාපිට කළ දේ කරනවා කියලා. අගමැති මහින්දගේ නිල නිවස වටලනවා කියනවා. ඒ කියන හැම දෙනාටම අපි අභියෝග කරන්වා, ඒ දේ කරන්න ආවොත් ඒකෙ වගකීම අපි බාරගන්නවා කියලා. ඕගොල්ලෝ ආරම්භ කරන්න අපේ අවසන් කරන්නම්. ඒවගේ සාහසික ප්‍රකාශ කරන අයට උත්තර දෙන්නත් අපි සූදානම් බව ඔහු සඳහන් කළේය.
අජිත්ලාල් ශාන්තඋදය