වෛද්‍ය සභා ආඥා පනත සංශෝධනය කර රටේ සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගන්නා උත්සාහය පරාජයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට සමස්ත වෛද්‍යවරුන්ගේ අත්සන් සහිත විරෝධතා පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වසර 90කට වඩා පැරණි වෛද්‍ය සභා ආඥා පනත අහෝසි කර දැමීමට අද (22දා) සිට වැඩ ආරම්භ කර තිබෙන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.