සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රදාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13දා) රහස් පොලිසියට නියම කළාය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය මහාධිකරණය විසින් ප්‍රතිශෝධනය කරන ලද බවට රහස් පොලිසිය අධිකරණයට කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අදාළ නියෝගය නිකුත් කළාය.