හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දුන්නා.
ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදුවූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේය.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදි.
මෙම නඩුව යළි සැප්තැම්බර් මස 21 කැඳවීමට නියමිතයි.