රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර සිටි වයෝවෘද්ධ කාන්තාවක් මිය යෑමෙන් පසුව ඇයගේ සිරුර අතුරුදහන් වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
ඇය වත්තල , හුණුපිටිය , රාහුල මාවතේ පදිංචිඅලගේසන් ශිවගාමී නැමැති 71 හැවිරිදි කාන්තාවකි.
ඇය ඉකුත් 08/12 දින නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම රෝහලේ කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර ලබන 30 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.
ඉන්පසුව 08/13 දින ඇයගේ පුතුන් ඇය බැලීමට රෝහලට ගිය විට ඇය මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
පසුව ඇයගේ මළසිරුර භාර ගැනීමට පැමිණ සිටි පුතුන් රෝහල් මෘත ශරීරාගාරය වෙත කැඳවා මළසිරුරක් භාර දීමට සූදානම් වුවද එය තම මෑණියන්ගේ නොවන බව පවසා ඔවුන් එම මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව රෝහල් බලධාරීන් 13 දින නිදහස් කළ මළ සිරුරු කිපයක භාරකරුවන් රෝහල වෙත ගෙන්වා මෙසේ මිය ගොස් ඇති කාන්තාවගේ මළසිරුර සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන තිබේ.
එහෙත් මේ වනවිට එම මළසිරුර සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.
මේ පිළිබඳව පැමිණිළි කිරීමට රාගම සහ කිරිබත්ගොඩ පොලීසි වෙත ගොස් ඇති නමුත් අදාළ පොලීසි පැමිණිලි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පසුබිම යටතේ මිය ගොස් ඇති කාන්තාවගේ මළසිරුර සොයා ගැනීමට නොහැකිව ඇයගේ පුතුන් බලවත් සේ අසරණ වී සිටිති.