2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“2017 මැයි 9 දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසක් පිළියන්දළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් කරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක ලෙස ක්‍රියාකර වෙඩි තැබීමක් කරනු ලැබුවා.
මෙම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියා පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු තවත් අයෙක් තුවාල ලැබුවා.
මේ සිද්ධියෙන් තවත් දරුවන් තිදෙනක් තුවාල ලැබුවා. එහිදී 11 හැවැරිදි දැරිවියක් ජීවිතක්ෂයට පත්වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන ඒකකය මගින් කරනු ලැබුවා.
මෙහිදී පොලිස් ඔත්තුකරුවෙක් ලෙස ක්‍රියා කරමින් අපරාධය සිදුකළ පුද්ගලයා ලෙස මොහොමඩ් නවාස් හඳුනාගනු ලැබුවා. ඔහු ඉන්දියාවට පළාගොස් තිබුණා.
මෙම වෙඩික්කරුවන්ට අපරාධය සිදුකිරීම සඳහා යම් තොරතුරු ලබාදීම, අපරාධය සිදුකිරීම සඳහා අනුබල දීම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණා.
පසුගිය දිනවල විවිධ මාර්ග මගින් මේ තැනැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව සඳහන් කර තිබුණා.ඒ පිළිබඳව නිල වශයෙන් වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ. කෙසේ වෙතත් ඉන්දියාවේ ඉන්ටර්පොල් ශාඛාව මගින් ලංකාවේ ඉන්ටර්පොල් ශාඛාව වෙත නිලවශයෙන් දැනුම් දී තිබෙනවා මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී අත්අඩගුවට ගත් බවත් ඔහු දැනට මදුරෙයි ප්‍ර දේශයේ රඳවා ගෙන සිටින බවත්. මොහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජත්රාත්ත්රික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමන් පවතිනවා. මෙම තැනැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නෙත් මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන්. ”