රිකිල්ලගස්කඩ බස්ටියාවත්තේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කමිහලේ සේවකයෙකු කොවිඩි ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
මෙම ආසාදිතයා සිය ගම්පෙදෙසේ හා නගරයේ සැරිසරා තිබීීම හෙතුවෙන් රිකිල්ලගස්කඩ මහජන සෞඛ්‍ය කාර්යාලය ප්‍රාදේශීය සභාව ජනතාවට ඉතාමත් ආරක්ෂාකාරී වන ලෙසින් දැනුවත් කිරීමි සිදුකරමිින් පවතී.
රෝගියා ගමන් ගත් රිකිල්ලගස්කඩ රෝහල, වෙළදසැල්, හෙලබොජුන් හල, පෞද්ගලික බැංකුව, යනාදී ස්ථාන නිසි විෂබීජහරණය කිරීමටත් රෝගියා පදිංචි නිවස විෂබීජ හරණය කිරීමටත් විනෝද ගමනට සහභාගි කරගත් බස් රථය සහ සහභාගිවු පිරිස සොයා ගැනීමත් සැක සහිත සියලූ දෙනාගේම සෙම පටල පරීක්ෂාවටත් කඩිනමින් සිදුකිරීමටත් තීරණය කර තිබේ.
රිකිල්ලගස්කඩ සෝමපාල