රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.
මුදල් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ පසුගිය දා (10) අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්හට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී තිබෙන බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලුව කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මෙරට ගුවන් සමාගම සේ ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනීමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස නිලධාරීන් හට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.
විදේශ විනිමය ඉපැයීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව ඉටු කරන බව මෙහි දී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් කඩිනමින් සොයා බැලීමට උත්සුක වීම අදාළ අංශවල වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළේ ය.