යාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරුන් දෙදෙනෙකුට ඇතුලු 19 දෙනෙකුට අද (28) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙක්, නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 06 දෙනෙකුට සහ රෝහලේ සේවකයින් 11 දෙනෙකු නව ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇත.
මේ අනුව පවතින තත්වය අනුව මහජනතාව ඉතා පරික්ෂාකාරීව කටයුතු කළ යුතු බවටත් මේ වන විට යාපනය නගරයේ එක් පැත්තක් වසාදමා සංචරණ සීමා පැනවීමට සිදුව ඇති බවද උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.
මේ වන විට යාපනය නගරයේ වසා දමා ඇති ප්‍රධාන පොළ, මධ්‍යම බස්නැවතුමපල , වෙළඳ සංකීරණ භූමිය තිරුනෙල්වේලී පොළ භූමිය සහ යාපනය කොටුව ප්‍රදේශය සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පවසති.
ගෙවී ගිය දින 05 ක කාලය අතුරතුරදී යාපනය විශ්වවිද්‍යාලයේ සහ යාපනය ශික්ෂණ රෝහලේ සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ 700 කට ආසන්න පිරිසෙන් පුද්ගලියින් 88 දෙනෙකු කොරෝනා රෝගීන් වශයෙන් හඳුනාගෙන ඇති බවටද අදාල ආසාදිතයින් ඇසැරු කරන ලද පුද්ගලයින් සොයා නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.