යාපනය දිස්ත්‍රික්කයේ සීඝ්රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
යාපනය දිසාපති ඇතුලු කොරෝනා මර්ධන කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවද එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
මේ වන විට යාපනය නගර මධ්‍ය සම්පූරණයෙන් වසා සංචරණ සීමා පැනවීම හා නගරයේ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන්නන් යාපනය දිස්ත්‍රික්කය පුරාවට තහවුරු වීමත් හේතුවෙන් පාසල් ළමුන්ගේ අරක්ෂාව උදෙසා මෙලෙස යාපනය කලාපය තුල පිහිටි සියලුම පාසල් වෙත නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත