සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුල යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් තාවකාලිකව වසා දමා ඇති අතරම උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.
යාපනය දිස්ත්‍රීක්කයේ ගෙවී ගිය දින දෙකක කාලය තුලද කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්ථාවීමත් සමග උත්සව සමයෙදී නැවත කොරෝනා අවධානමක් යාපනය දිස්ත්‍රීක්කය තුල ඇති වේ යැයි සැකය මත මෙම තීරණය ගෙන ඇතයි වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.
පසුගිය මාර්තු මස 24 වනදාද යාපනය දිස්ත්‍රීක්කයේ පාසල්, පොළ, පොදු වෙළඳ සංකීර්ණය හා බස්නැවතම්පලද වසා දැමුනේ කොරෝනා ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් සතියක කාලයක් තුලදී වාර්ථා වීම හේතුවෙනි.
කෙසේ වෙතත් පසුගිය 08 වනදා වසාදැමුණු යාපනය පොළ, පොදු වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් කිහිපයක්ද මධ්‍යම බස්නැවතුම්පලද විවෘත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබියදී මෙලෙස නැවතත් යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් සහ උපකාරක පංති ඇතුලු උත්සව අවස්ථාවන් තහනම් කිරීමට සිදුව ඇත.
කෙසේ වෙතත් උත්සව සමයේ යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාවට පූර්ණ සෞක්‍ය ආරක්ෂිතව වෙළඳසැල් වෙතට ගමන් කරන ලෙසද යාපනය සෞඛ්‍ය නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත.