යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් පමණ ඌරු මීයන් සිටි බැවින් සැලසුම් කළ වැඩ ඉටුකිරීම අපහසු වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එක්සක් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව වත්මන් ආණ්ඩුව ශක්මත්ව නැගී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ ආණ්ඩුවෙත් අවුරුදු තුනහමාරක් විතර ඌරු මීයෝ හිටියා. ඌරු මියෝ කියන්නේ ගේ ඇතුළේ ඉඳන් ගෙදර බිත්ති හාරන වළවල් හාරන කොටසක්. ඌරු මීයෝ වගේ ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුව කෑවා. මේක මම දැකපු ලෝකේ එකම ආණ්ඩුව එහෙම ඌරු මීයෝ හිටපු. උන් ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට ගැහුව්වා. ඉතිං කොහොමද ඡන්දෙ දිනන්නේ. පස්සේ නොවැම්බරයේ ආණ්ඩුවෙන් එළියට ගිහින් හැව ඇරලා කුමන්ත්‍රණයක් කළා. ආණ්ඩුව පෙරළුවා. අධිකරණයට පින් සිද්ධවෙන්න ආණ්ඩුව අපට ලැබුණා. කුමන්ත්රණවලින් පස්සේ අපි හිටියටත් වඩා ශක්තිමත් රජයක් බවට පත්වුණා. අපි යෝධ ශක්තියෙන් නැගී සිටියා* යැයි පැවසීය.